රු. ලක්ෂ 33ක'අයිස්'කිලෝ 4ක් STF අත්අඩංගුවට

රු. ලක්ෂ 33ක'අයිස්'කිලෝ 4ක් STF අත්අඩංගුවට

by Sagarika Chathumali 30-03-2022 | 4:15 PM

COLOMBO (News 1st) –   රුපියල් ලක්ෂ 33 කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බණ්ඩාරවත්ත වටරවුම අසල දී ඊයේ (29) මත්ද්‍රව්‍ය සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, විශේෂ කාර්ය බලකායේ  ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. කිලෝ 4යි, ග්‍රෑම් 908 ක බරකින් යුත්  මත්ද්‍රව්‍ය තොගය ට්‍රක් රථයක් තුළ  සූක්ෂම සඟවා ගෙන ප්‍රවාහනය කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය පැවසුවේ, සැකකරුවන් දෙදෙනා මන්නාරම, වවුනියාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 42 ත් 45 අතරේ පසුවන්නන් බවයි.