යළි මිල වැඩි කිරීමට ලිට්‍රෝ අනුමැතිය ඉල්ලයි

යළි මිල වැඩි කිරීමට ලිට්‍රෝ අවසර ඉල්ලයි

by Staff Writer . 30-03-2022 | 12:25 PM

COLOMBO (News 1st) –  ගෑස් මිල යළි වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබිණ. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත තවත් නෞකාවක් ඊයේ රාත්‍රි දිවයිනට සේන්දු වූ බව ලිට්ට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය. එහි ගෑස් ගොඩබෑම අද සිදු කරනු ඇති ඊයේ දිනයේ ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 10,000 ක් වෙළඳපොළට නිකුත් කළ බව එම සමාගම ප්‍රකාශ කළේ ය.