බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය අදයි

බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය අදයි

by Staff Writer . 30-03-2022 | 11:38 AM

COLOMBO (News 1st) –  බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල ආර්ථික අභිවෘද්ධිය උදෙසා වැඩපිළිවෙළක් සකස් කිරීමේ බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය අදයි.

අද පැවති රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, නේපාලය හා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7 ක රාජ්‍ය නායකයින් අද මෙම සමුළුවට එක්වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේයි.