ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිමේ අවදාන

ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිමේ අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව

by Staff writer 30-03-2022 | 5:11 PM

COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ අවධානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවන්වලදී තාවකාලික තද සුළං ඇති විය හැකි බවයි. අකුණු මගින් ඇතිවිය හැකි අනතුර අවම කරගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දී සිටී.