by Staff Writer . 30-03-2022 | 4:51 PM
COLOMBO (News 1st) – කටුගස්තොට, මැණික්කුඹුරේ නිවසක් ගිනි ගැනිමෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි 66 හැවිරිදි මව මියගොස් තිබේ.
පොලිසිය පැවසුවේ, ඇය මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ මිය ගොස් ඇති බවයි.
පසුගිය 24 වැනිදා උදෑසන නිවසට පැමිණි දියණියගේ පෙම්වතා බව පැවසෙන පුද්ගලයෙකු විසින් නිවසේ සිටි 30 හැවිරිදි දියණියට ගිනි තබා ඔහු ද සිය දිවි හානිකර ගෙන තිබිණ.
එහිදි නිවසේ සිටි 71 හැවිරිදි ඊශ්වරි දේවන් පියා, 30 හැවිරිදි චන්ද්‍රවදනි දියණිය සහ දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයා ද මිය ගියේ ය.
පොලිසිය පැවසුවේ, මියගිය 30 හැවිරිදි දියණියගේ පෙම්වතා විසින් එම ගිනිතැබිම කළ බවට පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව සිටි මව පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.