ඇමතිවරු දෙදෙනකුත් පකිස්ථාන අගමැතිට පිටුපායි

ඇමතිවරු දෙදෙනකුත් පකිස්ථාන අගමැතිට පිටුපායි

by Staff Writer . 30-03-2022 | 4:40 PM

COLOMBO (News 1st) –  පාකිස්ථාන අගමැතිට එරෙහි විශ්වාස භංගයට සහය දීම සඳහා අමාත්‍යවරු දෙදෙනකු ධුරවලින් ඉවත් වී තිබේ.

මේ අතර මීට පෙර වාර්තා වූයේ, පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කර ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඒ අනුව ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇති බවයි. පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ඊයේ (29) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ය. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ, ලබන බ්‍රහස්පතින්දායි. මේ අතර අතර දින 7 ක් තුළ ඡන්දය විමසීම ද කළ යුතු වේ.