අද සහ හෙට ඩීසල් පෝලිමට එන්න එපා - CEYPETCO

අද (30) සහ හෙට (31) ඩීසල් පෝලිමට එන්න එපා - CEYPETCO

by Staff Writer . 30-03-2022 | 10:55 AM

COLOMBO (News 1st) –  ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 රැගත් නෞකාවේ ඩීල් තොගය සැලසුම් කළ පරිදි ඊයේ ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් ඩීසල් බෙදා හැරීමේ ගැටලුවක් මතුව ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි.

එබැවින් අද හා හෙට ඩීසල් ලබා ගැනීම සඳහා පිරවුම්හල්වල පොලිමේ රැඳී නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා අඛණඩව ඩීසල් සැපයෙන බව ද ඔහු පැවසී ය. සභාපතිවරයා අවධාරණය කළේ, පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බවයි. මේ අතර අප වාර්තාකරුවන් පැවසුවේ, ඊයේ රාත්‍රිත් ප්‍රදේශ රැසක ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම් පැවති බවයි. ඇතැම් ස්ථානවල ජනතාව නොසන්සුන් වූයේ දින ගණනවකින් පිරවුම් හල් වෙත ඉන්ධන නොලැබීමට විරෝධය පළ කරමිනි. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත තවත් නෞකාවක් ඊයේ රාත්‍රි දිවයිනට සේන්දු වූ බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ය. එහි ගෑස් ගොඩබෑම අද සිදු කිරීමට නියමිතයි. ඊයේ දිනයේ ගෑස් සිලින්ඩර් එක් ලක්ෂ 10,000 ක් වෙළඳපොළට නිකුත් කළ බව එම සමාගම ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් ගෑස් ලබා ගැනීම සඳහා ප්‍රදේශ රැසක තවදුරටත් දිගු පෝලිම් පවතී.