පානදුර හෝටලයක වැසිකිළි වළක් තුළ කාන්තා මළ සිරුරක්

පානදුර හෝටලයක වැසිකිළි වළක් තුළ කාන්තා මළ සිරුරක්

by Staff writer 29-03-2022 | 5:50 PM

COLOMBO (News 1st) - පානදුර, පින්වත්තේ පිහිටි හෝටලයක වැසිකිළි වළක කාන්තා මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් අනුව පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ , වැසිකිළි වළේ ඇතැයි කියන මළ සිරුර ගොඩ ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පියවර ගෙන ඇති බවයි. මළ සිරුර වැසිකිළි වළට දමා වළට උඩින් සිමෙන්ති දමා ඇති බව ට පොලීසියට තොරතුරු ලැබී තිබේ. හෙට (30) දිනයේ මළ සිරුර ගොඩ ගැනිමට නියමිතයි.