by Staff Writer . 29-03-2022 | 3:20 PM
COLOMBO (News 1st) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාව ලබන බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට නියමිත අතර දින 7 ක් තුළ ඡන්දය විමසිය යුතු වේ.
එරට විපක්ෂ නායකවරයා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බිඳ වැටී ඇති බවයි.
විපක්ෂ නායක ෂෙහෙබාස් ෂරීෆ් ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ අගමැතිවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය බැඳි වැටී ඇති බවයි.
පාකිස්ථානයේ විපක්ෂ සන්ධානය පවසන්නේ පාර්ලිමේන්තුවේ ආසන 342 ක් 176 ක් ඉම්රාන් ඛාන්ගේ රජය පරාජය කිරීම සඳහා යෝජනාවට පක්ෂව ලබා ගත හැකි බවයි.
වත්මන් අග්‍රාමාත්‍යවරයා පාකිස්ථාන ආර්ථිකය විනාශ කර දමා ඇති බවට ඔහු චෝදනා කර සිටියේ ය.