ඩීසල් ගොඩබෑමේ ප්‍රමාදයක්

ඩීසල් ගොඩබෑමේ ප්‍රමාදයක්: හෙට, අනිද්දා ඩීසල් පෝලීම්වල සිටීමෙන් වළකින්න: පෙට්‍රල් බෙදාහැරීම සාමාන්‍ය පරිදි - ඛනිජ තෙල් සංස්ථාව

by Staff Writer . 29-03-2022 | 11:07 PM

COOLOMBO (News 1st) - ඩීසල් ටොන් 37,500ක් රැගත් නෞකාවක් සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් හෙට (30) සහ අනිද්දා (31) ඩීසල් සඳහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දැනුම් දෙයි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ඩීසල් අඛණ්ඩව සපයන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ය. පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ ය .