by Staff writer 29-03-2022 | 3:32 PM
COLOMBO (News 1st) – ඉන්දියාවේ සිරගතව සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණාගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය බ්ලුමැන්ඩල්, මල්ලිකා කඩේ ඉබිබාගේ වත්තේ කළ මෙහෙයුමකදීයි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 13 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 01ක් , කේරළ ගංජා ග්‍රැම් 22ක් සහ මත්පෙති 160ක් සමග මුදල් තොගයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
27 හැවිරිදි සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.