ඉන්දු - ශ්‍රී ලංකා නාවික අභ්‍යාසය අදින් අවසන්

by Staff Writer . 29-03-2022 | 4:14 PM

COLOMBO (News 1st) –   මෙරට බටහිර මුහුදු තීරයේ ඉන්දු, ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ අවසන් දිනය අද (29)යි.

පසුගිය 23 වැනිදා කොළඹ වරායට පැමිණි ඉන්දීය නාවික හමුදාවේ ශාරධ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුරළ මේ අභ්‍යාසයට එක්ව සිටී. නෞකා මතට හෙළිකොප්ටර් යානා ගොඩ බැස්සවීම, නැවත ගුවන්ගත කිරීම සහ සාගරික ගුවන් මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් යානා හා නෞකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස ද මීට ඇතුළත් වේ. නාවික හමුදාව පැවසුවේ මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහය ලැබෙන බවයි. ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී ද්වීපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම මෙම ඒකාබද්ධ අභ්‍යාසයේ අරමුණකි.