ඉන්දීය ධීවරයින් 4ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවරයින් 4ක් නාවික හමුදා භාරයට

by Staff Writer . 29-03-2022 | 3:28 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිතර වූ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අද (29) අලුයම මෙම පිරිස නාවික හමුදා භාරයට ගනු ලැබුවේ ඩෙල්ෆ් දූපත්වලට ආසන්න මුහුදු සීමාවේදියි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ බෝට්ටුවක් ද සිට භාරයට ගත් බවයි. අදාළ ධීවරයින් අද කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.