by Staff Writer . 29-03-2022 | 3:37 PM
COLOMBO (News 1st) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුම් 06 කට අත්සන් තබා තිබේ.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, විදේශ අමාත්‍යංශයේදී ඊයේ අදාළ ගිවිසුම් සඳහා අත්සන් කළ බවයි.
ඒ අනුව ඩිජිටල් අන්‍යනතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ,
සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම ,
යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.
විදේශ අමාතයංශය පැවසුවේ, ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම ,
ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක පරිගණක විද්‍යාගාර පිහිටුවීම සඳහා වන ගිවිසුම්වලට ද අත්සන් තැබූ බවයි.
මීට අමතරව සුශ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ තාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.