English
தமிழ்
කර්තෘ Staff Writer .
28 Mar, 2022 | 11:40 am
ඒ, 94 වැනි වරටයි.
සම්මාන උළලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත්තේ, ‘කෝඩා’ චිත්‍රපටයයි.
බිහිරි පවුලක උපන් ශ්‍රවණාබාධිත නොවන දැරියන් පිළිබඳ කතා පුවතක් රැගත් හද උණුසුම් කරන චිත්‍රපටයක් ලෙස’කෝඩා’ හැඳින්වේ.
සම්මාන උළෙලේදි හොඳම සජීවිකරණ චිත්‍රපටය ලෙස ‘එන්කැන්ටෝ ‘ චිත්‍රපටය සම්මාන දිනා ගත්තේ ය.
‘එන්කැන්ටෝ ‘ ඩිස්නි සමාගමේ නිර්මාණයකි.
ඔස්කාර් සම්මාන උලේලේදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ, ද අයිස් ඔෆ් ටැමී ෆෙයි (The Eyes of Tammy Faye) චිත්‍රපටය වෙනුවෙන් අමෙරිකානු ජාතික ජෙසිකා චැස්ටන් ය.
විල් ස්මිත් හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබී ය.
වසරේ හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනාගත්තේ, අමෙරිකානු ජාතික ට්‍රෝයි කොට්සූර් ය.
අමෙරිකානු ජාතික අරියානා ඩිබෝස් සහය නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය.
වසරේ හොඳම කැමරාකරණය වෙනුවෙන් ‘ඩියුන්’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළේලේදී සම්මානයට පාත්‍ර විය.
මෙවර සම්මාන උළෙලේ කැපී පෙනෙන සිද්ධියක් වුයේ, ජනප්‍රිය නළු විල් ස්මිත් විසින් ඔස්කාර් වේදිකාව මතට පැමිණ ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට අතුල් පහරක් එල්ල කිරීමේ සිද්ධියයි.
සිය බිරිඳ සම්බන්ධයෙන් ක්‍රිස් රොක් කළ ප්‍රකාශයකට උරණ වු විල් ස්මිත් වේදිකාවට පැමිණ එලෙස පහර දුන්නේ ය.
කෙසේ වෙතත්, හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමෙන් අනතුරුව සම්මාන රාත්‍රීය අමතමින්, ස්මිත් සමාව ඉල්ලා සිටියේ ය.
01 Jun, 2023 | 06:42 AM
29 May, 2023 | 09:32 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS