by Staff Writer . 28-03-2022 | 12:36 PM
COLOMBO (News 1st): බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් (BIMSTEC) සමුළුව අද මෙරටදී ආරම්භ විය.
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ලබන 30 වැනිදා දක්වා සමුළුව පැවැත්වෙන බවයි.
අද සහ හෙට යන දිනවල දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතයි.
මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.
එම සංචාරයේදී ඔහු බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවන අතර ශ්‍රී ලංකා බලධාරින් සමග ද සාකච්ඡා පවත්වනු ඇති.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ චීන විදේශ අමාත්‍ය වැන් යී මහතාගේ හදිසි ඉන්දිය සචාරයෙන් පසුව වීම විශේෂත්වයකි.
මේ අතර අද ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉන්දිය විදේශ අමාත්‍යවරයා යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් ද විවෘත කිරීමට නියමිතයි.