BIMSTEC සමුළුව අද කොළඹදී..

BIMSTEC සමුළුව අද කොළඹදී..

by Staff writer 28-03-2022 | 6:52 AM

COLOMBO (News 1st): බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහාවූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් (BIMSTEC) සමුළුව අද (28) මෙරටදී ආරම්භ වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ලබන 30 වැනිදා දක්වා සමුළුව පැවැත්වෙන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එදින බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවයි. අද සහ හෙට යන දිනවලදී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් සහභාගිවීමට නියමිතය. මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. එම සංචාරයේදී ඔහු බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවන අතර ශ්‍රී ලංකා බලධාරින් සමග ද සාකච්ඡා පවත්වනු ඇති. ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන්නේ චීන විදේශ අමාත්‍ය වැන්යී මහතාගේ හදිසි ඉන්දිය සචාරයෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අතර" අද Online තාක්ෂණය ඔස්සේ ඉන්දිය විදේශ අමාත්‍යවරයා යාපනයේ සංස්කෘතික මධ්‍යස්ථානයක්ද විවෘත කිරීමට නියමිත ය.