by Staff Writer . 28-03-2022 | 2:21 PM
COLOMBO (News 1st): රටඉඳි ආනයනය සඳහා දැනට පනවා ඇති කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 199 කින් අඩු කර තිබේ.
ඒ කිලෝ ග්‍රෑමයකට රුපියලක් පමණක් අයවන ලෙසයි.
ඉදිරියේදී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේ දී මුස්ලිම් ජනතාවට සහන සැලසීම සඳහා මෙම බද්ද අඩු කර තිබේ.
මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ, ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රටඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය බවයි.
මුදල් අමාත්‍යංශය දැනුම් දෙන්නේ, රටඉඳි ආනයන කටයුතු ආනයන පාලන බලපත්‍ර ක්‍රමවේදය යටතට පත්කර නොමැති බවයි.