චීනයේ ෂැංහයි අදියර 2 කින් Lockdown

චීනයේ ෂැංහයි අදියර 2 කින් Lockdown

by Staff Writer . 28-03-2022 | 4:40 PM

COLOMBO (News 1st): චීනයේ ෂැංහයි නුවර අදියර 2 ක් යටතේ ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ෂැංහයි නගරයේ බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කරනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් එම තීරණය ගෙන ඇති බවයි. ෂැංහයි නුවර පාලම්, උමං මාර්ග වසා දමා ඇති අතර අධිවේගී මාර්ගවල වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් ය.