කම්මුල් පහරකින් කෙළවර වූ ඔස්කාර් වේදිකාවේ විහිළුව

by Sagarika Chathumali 28-03-2022 | 11:06 AM

COLOMBO (News 1st):  අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන 2022 ඔස්කාර් සම්මාන උළෙලේදී සුපිරි නළු විල් ස්මිත් එහි නිවේදක ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල කර තිබේ.

ස්මිත් ඔස්කාර් වේදිකාවට ගොස් ක්‍රිස් රොක්ගේ මුහුණට එලෙස වැරෙන් පහර එල්ල කරන්නේ, නිවේදකයා සිය බිරිඳ වන පින්කට් ස්මිත්ගේ කොණ්ඩා මෝස්තරය සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශයක් හේතුවෙනි. මුල් අවස්ථාවේ පහරදීම ද විහිළුවක් සේ පෙනුන ද එය විහිළුවක් නොවන බව පසක් වන්නේ, පහර දීමෙන් පසු යළි සිය අසුන වෙත ගොස් ස්මිත් හඩ නඟා කළ ප්‍රකාශයත් සමගයි. ඔහු එහිදී කෑ ගසා කියා සිටියේ තමන්ගේ බිරිඳගේ නම ඔබේ කටින් යළි ප්‍රකාශ නොකරන්න යනුවෙනි. කෙසේ වෙතත්, හොඳම නළුවාට හිමි සම්මානය ලැබීමෙන් අනතුරුව සම්මාන රාත්‍රීය අමතමින්, ස්මිත් සමාව ඉල්ලා සිටියේ ය. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්නේ මෙවර පැවැත්වෙන්නේ 94 වැනි වරටයි.