ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදත්

ඉන්දීය - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදත්

by Staff Writer . 28-03-2022 | 4:32 PM

COLOMBO (News 1st): ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය අදත් බටහිර මුහුදු කලාපයේදී පැවැත්වේ.

පසුගිය 23 වැනිදා කොළඹ වරායට සේන්දු වූ ඉන්දිය ශාරධ නෞකාවට අයත් හෙලිකොප්ටර් යානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ඒකාබද්ධ අභ්‍යාසයෙහි නිරතව සිටී. මෙම අභ්‍යාසයට ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෝ ද එක්ව සිටියහ. ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණයි.