by Staff Writer . 27-03-2022 | 10:10 PM
COLOMBO (News 1st) – හෙටත් (28) විදුලිය කප්පාදුවකට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, P Q R S T U V W දක්වා ඛාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා පැය දෙකකුත් විනාඩි 15 ක් විදුලිය කප්පාදු කෙරේ .
ඊට අමතරව එම ප්‍රදේශවට සවස 5.30 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 50 ක් විදුලිය කප්පාදුවට අවසර දුන් බව, මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ය.
A,B,C,D,E,F,GH,I,J,K,L ඛාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 8.00 සිට 6 දක්වා පැය තුනයි විනාඩි 20 කුත් ,සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි විනාඩි 40 කුත් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ ය.
මේ අතර , කැලණිතිස්ස බලාගාරය සඳහා ඉන්ධන ලබාදීම ඊයේ ආරම්භ කළ බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට සිට එම බලාගාරයේ කටයුතු සක්‍රීයව පවත්වාගෙන යා හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය.