ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළුවන ඉන්දීය ධීවරයින් ගැන කටයුතු කිරිමට නාවික හමුදාව වෙනුවට, අතුරු හමුදා යෙදවිය යුතුයි - ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය

by Staff Writer . 27-03-2022 | 9:44 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ඉන්දීය සිවිල් ධීවරයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාව වෙනුවට , අතුරු හමුදා යෙදවිය යතු බවට ද ඉන්දියාව කර ඇති බව ද කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිවේදනයක් උපුටා දක්වන ද හින්දු පුවත් පත් වාර්තාවේ සඳහන් වේ. .

මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ඉකුත් සිකුරාදා පැවැති ධීවර කටයුතු පිළිබඳ ඉන්දු - ලංකා ද්විපාර්ශවීය ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ පස්වෙනි රැස්විමේදී ය. රැස්වීමට එක්වූ ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානත්වය උසුලා තිබෙන්නේ , ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.අයි. රත්නායක මහත්මියයි. ඉන්දියාව වෙනුවෙන් එරට ධීවර ලේකම් ජතින්ද්‍රනාත් ස්වායින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. සාගර නීතියට අදාළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ වගන්තිවලට අනුකූලව ධීවරයින් පිළිබද ගැටලුවලදී මානුෂීයවාදී ලෙස ක්‍රියාකිරිමේ වැදගත්කම ඉන්දියාව අවධාරණය කර තිබේ. එහිදී දෙරට එකඟ වී ඇත්තේ , ධීවරයින් සම්බන්ධ ගැටලුවලදී බලය ක්‍රියාවේ යෙදවීම කිසිදු අයුරකින් සාධාරණීකරණය නොකර සියලු ධීවරයින්ට මානුෂවාදී ලෙස සැලකීමටයි. තමිල්නාඩු ධීවර යාත්‍රා අනුගමනය කරන පන්න ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙම රැස්වීමේදි වැඩි අවධානයක් යොමු කර ඇති බව කොළඹ ඉන්දිය මහකොසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් ය එහිදි ශ්‍රී ලංකාව පෙන්වා දී ඇත්තේ දෙරටේ ධීවරයින්ගේ ජීවනෝපාය මාර්ග ඇන හිටීම වළකාලමින් වඩාත් ඵළදායී ලෙස ධීවර කර්මාන්තය සිදු කිරීම සඳහා දෙරට එක්ව පියවර ගත යුතු බවටයි. තම ධීවරයින් සඳහා අධ්‍යාපන , මූල්‍ය පහසුකම් සැපයීම මෙන්ම තිරසර පන්න ක්‍රම සඳහා යොමුවීමට මාර්ගෝපදේශ ලබා දී ඇති බවට ඉන්දියාව මෙහිදි ශ්‍රී ලංකාවට සහතික වී තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ ධිවරයින්ගේ අධ්‍යාපන , මූල්‍ය සහය මෙන්ම මාර්ගෝපදේශ සැපයීමට ඉන්දියාව සහතික වී තිබේ. ශ්‍රී ලංකා මුහුදු කලාපයට ඇතුළු වන ඉන්දීය සිවිල් ධීවරයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නාවික හමුදාව වෙනුවට , අතුරු හමුදා යෙදවිය යතු බවට ද ඉන්දියාව යෝජනා කර ඇද්දැයි අප ධීවර අමාත්‍යංශ ලේකම් ආර් එම් අයි රත්නායක මහත්මියගෙන් විමසීමක් කළේ ය. ඇය පැවසුවේ එවැනි යෝජනාවක් සිදු නොවූ බවයි.