රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන්

මාතර ශාන්ත තෝමස් - ශාන්ත සර්වේශස් 122වැනි රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන්

by Chathuranga Rajapaksha 27-03-2022 | 8:53 PM

COLOMBO (News 1st): මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේශස් විද්‍යාලාන්තර 122 වැනි රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද(27) ජය පරාජයෙන් තොරව අවසන් විය.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 132ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේෂස් විදුහල් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 198ක් රැස් කිරීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 188ක් රැස් කළේය. ඒ අනුව, ශාන්ත සර්වේෂස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හිමිවිය. තරගය අවසන් වන විට එම ඉලක්කය හඹා ගිය ශාන්ත සර්වේෂස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 49ක් රැස් කරගෙන සිටියේය. තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.