by Staff Writer . 27-03-2022 | 9:20 AM
COLOMBO (News 1st) - අද (27) 9AM සිට 3PM දක්වා P,Q,R,S,T,U,V,W ප්‍රදේශවලට තවත් පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ.
ඒ, සති අන්තයේ අනපේක්ෂිත ලෙස ඉහළ බලශක්ති ඉල්ලුමක් ඇතිවීම හේතුවෙනි.
මහජන උපයෝගීතා කොමිසම මෙම අවසරය ලබා දී ඇත්තේ විදුලි බලමණ්ඩලය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.