
මාතර ශාන්ත තෝමස් – ශාන්ත සර්වේශස් 122වැනි රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන්
මාතර ශාන්ත තෝමස් – ශාන්ත සර්වේශස් 122වැනි රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන්
කර්තෘ Chathuranga Rajapaksha
COLOMBO (News 1st): මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේශස් විද්‍යාලාන්තර 122 වැනි රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද(27) ජය පරාජයෙන් තොරව අවසන් විය.
මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 132ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේෂස් විදුහල් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 198ක් රැස් කිරීමට සමත් විය.
අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 188ක් රැස් කළේය.
ඒ අනුව, ශාන්ත සර්වේෂස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හිමිවිය.
තරගය අවසන් වන විට එම ඉලක්කය හඹා ගිය ශාන්ත සර්වේෂස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 49ක් රැස් කරගෙන සිටියේය.
තරගයේ කෙටි ලකුණු පුවරුව මෙසේය.
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි