2021 වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය News 1st

Raigam TELE'ES: 2021 වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය News 1st: සිරස TV, ශක්ති TV සහ TV1 තවත් සම්මාන රැසකින් පිදුම් ලබයි

by Staff writer 26-03-2022 | 9:02 PM

COLOMBO (News 1st) - 2021 වසරේ විශිෂ්ටතම ප්‍රවෘත්ති විකාශය ලෙස News 1st සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඒ, අද කොළඹදී පැවති Raigam TELE'ES 2020 / 2021 සම්මාන උළෙලේදීය. අද පෙරවරුවේ පැවති මෙම සම්මාන උළෙලේදී News 1st, සිරස TV, ශක්ති TV සහ TV1 තවත් සම්මාන රැසකින් පිදුම් ලැබුවේය. ඒ අනුව, 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක (සිංහල) - රන්දික රවීන් සපුආරච්චි 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංශ්‍රිසි) - තරුෂ නදීර කුමාරසිංහ 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනි නිවේදක/නිවේදිකා (ඉංශ්‍රිසි) - ජයමාල් රත්නායක 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේෂක (ඉංශ්‍රීසි) - ශාලන් කෙවින් බෙනඩික් 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි පුවත් විශේෂාංගය - ලංකා මුහුද කොල්ලකන ඉන්දීය ධීවරයෝ වෙනුවෙන් රියාස් හාරිස් 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි වාර්තා වැඩසටහන පුරාවත - රෂික දිනේෂ් ධර්මරාජා 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි කථිකා වැඩසටහන මාවත - ලහිරු මධුසංඛ ආරච්චි 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනි කථිකා වැඩසටහන නිදහස - රෂික දිනේෂ් ධර්මරාජා 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රශ්න විචාරක වැඩසටහන සිරස ලක්ෂපති - සමන් ධම්මික / කාංචනා පල්ලේපිටිය 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනි හඬකැවීම සූර පප්පා - කාංචන අමරරත්න 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රශ්න විචාරක වැඩසටහන සන්ක්වික් ලක්ෂපතිවරම - සුසන්ත සෙනෙවිරත්න / චන්දිම කරුණාතිලක 2020 වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේෂක (දමිළ) - ශ්‍රීවේල්රාජ් රාජප්‍රශාන්ත් 2021 වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේෂක (දමිළ) - එස්. රාකේෂ්ශර්මා