Ceypetco ඉන්ධන පෝලිම් දිගුවෙයි..

IOC ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ Ceypetco පෝලිම් දිගුවෙයි..

by Staff writer 26-03-2022 | 1:37 PM

COLOMBO (News 1st) – ලංකා IOC සමාගම පෙට්‍රල් මිල යළි ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ , ප්‍රමාණවත් පෙට්‍රල් තොග රටපුරා පවතින බවයි. එබැවින් අනිසි කලබලයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට පමණක් පෙට්‍රල් ඇතුළු ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි.