by Staff writer 26-03-2022 | 6:59 PM
COLOMBO (News 1st) - සෝමාවතී රක්ෂිතයේ අග්බෝපුර, දිවුල්ගස්වැව ප්‍රදේශයේ දර කැපීමට ගිය පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 60 අතර වයස්වල පසුවන්නන් බවයි.
සැකකරුවන් පැමිණි බව කියන ට්‍රැක්ටර් රථ 7ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
වන විනාශයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (27) කන්තලේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.