by Staff writer 26-03-2022 | 10:21 AM
COLOMBO (News 1st) – දෙහිඕවිට සහ මාදම්පේ යන ප්‍රදේශවලදී දියේ ගිලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ දෙහිඕවිට, සීතාවක ගඟේ, යෝගම පාලම අසළ දියේ ගිලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ, රාජගිරිය හා කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මේ අතර මාදම්පේ, තිනිපිටිය වැවේ ගිලීමෙන් පල්ලේකැලේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.