by Staff Writer . 25-03-2022 | 4:21 PM
COLOMBO (News 1st) – රුසියාව යුක්‍රේනයට එල්ල කළ මිසයිලවල අසාර්ථක වීමේ ප්‍රතිශතය 60% ක් තරම් ඉහළ අගයක පවතින බව අමෙරිකාව පවසයි.
රොයිටර් පුවත් සේවය වෙත මේ බව අනාවරණ කරනු ලැබ ඇත්තේ, අමෙරිකානු බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු විසිනි.
ඔවුන් පවසා ඇත්තේ රුසියානු හමුදාවන්ට මේ වන තෙක් යුක්‍රේන ගුවන් හමුදාව අඩපණ කිරීමට නොහැකි වීම ඉන් මනාවට පිළිබිඹු වන බවයි.
කෙසේවෙතත් මෙම තොරතුරු ස්වාධීනව තහවුරු කිරීමට නොහැකි බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේ ය.
මේ අතර යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සිලෙන්ස්කි බ්‍රසල්ස් නුවරදී යුරෝපා කවුන්සිලය අමතා තිබේ.
එහිදී ඔහු ප්‍රකාශකර ඇත්තේ රුසියාවට අත්වන ඉරණම හා යුද්ධයෙන් යුක්‍රේනයට වූ හානිය පිළිබඳවයි.
සිය රටට සහය දැක්වීම පිළිබඳව ද යුක්‍රේන ජනාධිපතිවරයා යුරෝපා රටවලට ස්තුතිය පළ කර තිබේ.