by Sagarika Chathumali 25-03-2022 | 5:07 PM
COLOMBO (News 1st) – බන්ධනාගාරගත වන රැඳවියන්ගේ භාෂා දැනුම වැඩිදියුණු කිරීම උදෙසා ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
වැඩසටහනේ පළමු අදියර පසුගිය 14 වැනිදා වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය හා වාරියපොල යන බන්ධනාගාරවලදී ආරම්භ කර ඇත.
බන්ධනාගාර මූලස්ථානය පැවසුවේ,මෙම වැඩසටහන සෑම බන්ධනාගාර ආයතනයක් තුළ ම ක්‍රියාත්මක කිරීමට කටයුතු සුදානම් කර ඇති බවයි.
මෙම පුහුණුව සඳහා සම්බන්ධවී සිටින්නේ, ස්‍වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බාහිර ගුරුවරුන් ය.
විවිධ හේතූන් මත අධ්‍යාපනය මගහැරුණු විවිධ අධ්‍යාපන මට්ටම් සහිත පුද්ගලයින් බන්ධනාගාරගතව සිටින බව ත් බන්ධනාගාරගත නේවාසිකයන් බන්ධනාගාරය තුළදී අ.පො.ස (සා.පෙළ) හා උසස් අධ්‍යාපන විභායන්ට මුහුණ දී ඉංග්‍රීසි විෂය ඉහළින් සමත්වී ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.