by Staff writer 24-03-2022 | 9:55 PM
COLOMBO (News 1st) – සංචාරකයින්ගේ ආසියානු ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සංචාරක අධිකාරිය නිරීක්ෂණයට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ඊට ඇති බාධා ඉවත් කර ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් මගින් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සැලසුම් සකස් කළ යුතු බවය.
වසරේ පළමු කාර්තුවේදී සංචාරයින් දෙලක්ෂ හැටදහසකට අධික පිරිසක් මෙරටට පැමිණ ඇති අතර, වසර අවසානය වනවිට සංචාරකයින් මිලියන 1.3 ක ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අපේක්ෂාවයි.
සංචාරක ක්ෂේත්‍රයේ සියලු අංශ ඒ සඳහා සූදානම් කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
ඩොලර් බිලියන 10ක මුදලක් වාර්ෂිකව සංචාරක කර්මාන්තයෙන් උපයා ගැනීම රජයේ ඉලක්කයයි.