by Staff writer 24-03-2022 | 3:25 PM
COLOMBO (News 1st) – වැට් බද්ද 15% සිට 18 දක්වා වැඩි කිරීමට අදාළ යෝජනාව අද(24) විවාද කරන අවස්ථාවේ මුදල් ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ නොමැතිවීම පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ය.
මන්ත්‍රීවරයා කියා සිටියේ, යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පෙර මහ බැංකුවේ මුදල් මණ්ඩලයට රාජ්‍ය මුදල් කාරක සභාවේ පෙනී සිටින්නැයි දැනුම්දීම් කළ ද ඔවුන්ද එම රැස්වීමට සහභාගී නොවූ බවයි.
මෙය පාර්ලිමේන්තු බලතල හෑල්ලු කිරීමක් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ ය.
https://www.youtube.com/watch?v=uv9H61HngMU