මිලියන 32 ක මත්ද්‍රව්‍ය රේගු භාරයට..

මිලියන 32 ක මත්ද්‍රව්‍ය රේගු භාරයට..

by Staff writer 24-03-2022 | 4:48 PM

COLOMBO (News 1st) – රුපියල් මිලියන 32 කට ආසන්න මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගුව සඳහන් කළේ, පාර්සල් අටක් පරීක්ෂා කිරීමේදී එම මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි. බ්‍රිතාන්‍ය , කැනඩාව, ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ සහ මහනුවර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගේ ලිපිනවලට අදාළ පාර්සල් යොමු කර තිබුණි. අනතුරුව කළ සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී ඇතැයි රේගුව සඳහන් කළේ ය. කුෂ් නැමති ගංජා ග්‍රෑම් 1590ක් සහ මත්පෙති 601 ක් එම පාර්සල්වල තිබී සොයාගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඒවා භාරදී ඇත්තේ , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයටයි.