by Staff writer 23-03-2022 | 5:45 PM
COLOMBO (News 1st) - අබලි ද්‍රව්‍ය සමග මෙරටට ආනයනය කළ බහාලුමක තිබී කොකේන් කිලෝග්‍රෑම් 350 ක් රේගුව භාරයට ගෙන තිබේ.
භාරයට ගත් කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 6000කි.
සැකකටයුතු කන්ටේනර් 4ක් පරීක්ෂා කිරීමේදී ඉන් එක් කන්ටේනර්යක තිබී මෙම කොකේන් තොගය සොයා ගෙන තිබේ.
එම කන්ටේනර් පැනමාවේ සිට ඩුබායි වරාය හරහා ආනයනය කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ප්‍රතිනැව්ගත කිරීමට සූදානම්ව තිබූ බව රේගුව සඳහන් කරයි.