by Staff Writer . 23-03-2022 | 4:36 PM
COLOMBO (News 1st) – යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදාව ප්‍රතික්ෂේප කර තිබේ.
යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට සහභාගීවීම එලෙස ප්‍රතික්ෂේප කරන බවයි.
මේ අතර රුසියාව මේ වන විට යුක්‍රේන යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා ඉලක්ක කර ඇති බව ද විදෙස් මාධ්‍ය පැවසී ය.
ගොඩබිම ඔස්සේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආසාර්ථක වී ඇති පසුබිමක රුසියානු හමුදා සාමාජිකයින් 100 දෙනෙකු ඊයේ දින මිය ගොස් තිබේ.
මේ අතර යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරයේ නව රසායනාගාරයක් විනාශ කළ බවට රුසියානු හමුදාවට චෝදනා එල්ල වේ.
යුක්‍රේන බල ධාරීන් පැවසුවේ එම රසායනාගාරය තුළ විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය වැඩි දියුණු කරන බවයි.
රසායනාගාරයේ තිබු සාම්පල රුසියානු හමුදාව සතු වීම ඉතා භායානක බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.