ජාතික ජන බලවේගය විරෝධතා පා ගමන නුගේගොඩට

by Staff Writer . 23-03-2022 | 3:32 PM

COLOMBO (News 1st) –  ජාතික ජන බලවේගය සංවිධාන කරන 'ජන බල විරෝධය' විරෝධතා පාගමන හා රැළිය ආරම්භ වී තිබේ.

නුගේගොඩදී මෙම විරෝධතා පාගමන හා රැළිය පැවැත්වෙන්නේ, ඉහළ යන ජීවන වියදම පාලනයට හා ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව අපොහොසත් බව පවසමිනි.