by Staff Writer . 23-03-2022 | 8:31 AM
COLOMBO (News 1st) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳ වූ සර්ව පාක්ෂිත සමුළුව අද කොළඹදී පැවැත්වේ.
සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යෝජනාවකට අනුවයි.
කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ රැසක් මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබේ.
එම පක්ෂ වන්නේ සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය , අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය, තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂය , තමිල් මක්කල් තේසිය කූට්ටනි , අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂයි.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම ඊයේ රාත්‍රියේ රැස්විය.
පැය 3කට අධික කාලයක් පැවති රැස්වීමේදී රටේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේ.
මේ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේ රැස්වෙද්දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයින්ගේ හමුවක් ද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්විය.
අමාත්‍ය වාසුදේව නානායක්කාර , හිටපු අමාත්‍ය විමල් , පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් , ගෙවිදු කුමාරතුංග , වීරසුමන වීරසිංහ ,ජාතික කොංග්‍රසයේ ඒ. එල්. එම්. අතාඋල්ලා හා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන් මෙම හමුවට සහභාගී වී ඇත.