by Staff Writer . 23-03-2022 | 3:52 PM
COLOMBO (News 1st) – ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙම ඝාතනය සිදුව ඇත්තේ, රේඩියෝවක් උකසට තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙනි.
ඝාතනයට ලක්වී ඇත්තේ 51 හැවිරිදි වෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
උකස්කර ඇති රේඩියෝව බේරා ගැනීමට පැමිණි පුද්ගලයා ඊයේ දහවල් 2.00 ට පමණ රේඩියෝව උකස් ගත් පුද්ගලයාට පහරදී තිබේ.
පොලිසිය සඳහන් කළේ, තුවාල ලැබුූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
පහරදිමෙන් අනතුරුව සැකකරු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
කොළඹ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරිය පැමිණ අද පෙරවරුවේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළා ය.