by Staff Writer . 23-03-2022 | 9:17 AM
COLOMBO (News 1st) – දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග අද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඇමරිකානු නියෝජිත පිරිස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ විදේශ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරුන් ද හමුවීමට නියමිතයි.
අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් නුලන්ඩ් මහත්මිය අද විදේශ අමාත්‍යාංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා -එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය ද දරනු ඇති.
නුලන්ඩ් මහත්මිය කොළඹ වරායේ සංචාරය කිරීමටත් , ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය හමුවීමටත් නියමිත බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ ය.