අද (23) ත් විදුලිය කැපේ

අද (23) ත් විදුලිය කැපේ

by Staff Writer . 23-03-2022 | 8:44 AM

COLOMBO (News 1st) –  අද දිනයේත් කලාප 23 කට බෙදා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ. 

ඒ අනුව A සිට L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 8.00 සිට සවස 6.00 අතර, පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 අතර පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. P සිට W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට උදෑසන 10.30 සිට පස්වරු 4.30 අතර පැයක් සහ පස්වරු 4.30 සිට රාත්‍රී 9.30 අතර පැයයි මිනිත්තු 40 ක් ලෙස විදුලිය කප්පාදු කෙරේ.

අද (23) විදුලිය කප්පාදුව සිදුවන ආකාරය මෙතැනින්...