by Staff Writer . 22-03-2022 | 2:45 PM
COLOMBO (News 1st); ඉන්දියාව සමග අත්සන් කිරීමට යන ආරක්ෂක ගිවිසුම් පිළිබඳ කැබිනට් පත්‍රිකා අනාවරණ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉන්දිය ආධාර මත ආරම්භ කරන සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපනය කිරීමට නියමිත බවයි.
එහි උප ඒකකයක් හම්බන්තොටත් තවත් අනු මධ්‍යස්ථාන 7 ක් රටේ ස්ථාන 7 කත් පිහිටුවීමට කැබිනට් ප්‍රතිකාවෙන් අනුමැතිය ලබාගෙන ඇතැයි හරීන් ප්‍රනාන්දු මහතා අනාවරණ කළේ ය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියේ, මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට සමගාමීව ඉන්දියාවේ නිෂ්පාදිත ඩ්‍රෝනියර් සමුද්‍රීය නිරීක්ෂණ යාත්‍රා තුනක් ලබාදීමට නියමිත අතර නාවික හමුදාවට ටොන් හාර දහසක පාවෙන තටාකාංගනයක් ලබාදීමට ද ඉන්දියාව සූදානම් බවයි.
මේ අතර ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සකස් කිරීමට ද ඉන්දියාව ඉන්දීය රුපියල් මිලියන 300 ක් ලබාදීමට සුදානම් වේ.
ඉන්දියාව සමග අත්සන් කිරීමට යන ආරක්ෂක ගිවිසුම් පිළිබඳ කැබිනට් පත්‍රිකා අනාවරණ කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ඉන්දිය ආධාර මත ආරම්භ කරන සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නාවික හමුදා මූලස්ථානය තුළ ස්ථාපනය කිරීමට නියමිත බවයි.