by Staff Writer . 21-03-2022 | 4:18 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන එක හමාරක මූල්‍ය පහසුකමක් චීනයෙන් ඉල්ලා ඇතැයි, කොළඹ චීන තානාපති කී සෙන්හොංග් මහතා පවසයි.
ඔහු කියා සිටියේ මේ වන විට එම ඉල්ලීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි.
චීන තානාපතිවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.