රෝහල්වල ගෑස් හිඟයක් ඇති වෙන්න දෙන්න එපා..

රෝහල්වල ගෑස් හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 21-03-2022 | 6:40 AM

COLOMBO (News 1st) – රෝහල්වල ගෑස් අවශ්‍යතා කඩිනමින් දැනුම් දී හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරන්නැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය සියලු රෝහල් ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

අමාත්‍යාංශය පැවසුවේ රෝහල් අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව දී අවශ්‍ය ගෑස් තොග නිකුත් කරන්නැයි, ගෑස් නියෝජිතයින් වෙත දැනුම් දී ඇති බවය. මේ අතර, ලාෆ්ස් ගෑස් මිළ ඉහළ දැමුණත් ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමිමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලිට්‍රෝ ගෑස් සමාගම අදත් තහවුරු කළේ ය.