by Staff Writer . 21-03-2022 | 4:50 PM
COLOMBO (News 1st) – බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික වෛද්‍යවරයා ඇප මත මුදා හැරීමට කොළඹ මාධිකරණය අද නියෝග කළේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ, සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
සැකකාර විශ්‍රාමික වෛද්‍ය ශර්ලි හේරත්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ විනිසුරුවරයා විදෙස් ගමන් බලපත්‍රය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර දීමට ද නියෝග කළේ ය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයෙන් සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප්‍රතිශෝධන ඇප අයදුම් පත සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සැකකරු ඇප මත මුදා හැරීමට අද නියෝග කර සිටියේ ය.
ත්‍රස්තවාදය වැළැ ක්වීමේ පනත යටතේ සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයාට එරෙහිව ඉදිරියට කටයුතු නොකරන බවට විමර්ශන නිලධාරීන් දැනුම් දී ඇති බව පෙත්සම මගින් ඉදිරිපත් කළ කරුණු ද සැකකරු බන්ධනාගාරගතව සිටි කාලය හා ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ ය.