බස්නාහිර පළාතේ වාර විභාග සාමාන්‍ය පරිදි..

බස්නාහිර පළාතේ වාර විභාග සාමාන්‍ය පරිදි..

by Staff writer 21-03-2022 | 10:52 AM

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ වාර විභාග සාමාන්‍ය පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මේ වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට අවශ්‍ය සියලුම කඩදාසි ඉන්දීය ණය පහසුකම යටතේ මෙරටට ලබා ගැනීමට සැලසුම් කර ඇති බවය.