.webp)
''මේ වනවිට ජනතාව මුහුණදී සිටින ගැටලුවට සාපේක්ෂව මෙය කුඩා ප්රයත්නයක්... නමුත් අප සභාපතිතුමා පැහැදිලිව සඳහන් කළේ ජනතාව වෙනුවෙන් අපට හැකි ආකාරයෙන් උපකාරයක් වීම වැදගත් බවයි ...''මූලිකව V-Force ක්රියාන්විතය කොළඹ, මහනුවර සහ මාතර යන ප්රදේශවලදී මෙම වැඩසටහන ක්රියාත්මක කරන අතර ඉදිරි දිනවලදී එය අනෙකුත් ප්රදේශවලදීද ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මේ අතර මේ වනවිට ඇද වැටීම්වලින් මෙරට පෝලීම්වල රැඳී සිටි වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අධික උණුසුම දරාගත නොහැකිව සිදුවූ ඇදවැටීම් පිළිබඳව ද ඇතැම් ප්රදේශවලින් වාර්තා වේ.