by Staff writer 21-03-2022 | 7:42 AM
COLOMBO (News 1st) – මාතර, දෙවුන්දර දේවාලයේ ප්‍රධාන කපු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ , කාන්තාවකට පහර දීම මත ඊයේ(20) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගත් බවයි.
එම කපු මහතා දෙවුන්දර ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
පහරකෑමට ලක්වූ කාන්තාව ප්‍රතිකාර සඳහා බලල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.