ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්..

කාලගුණය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්..

by Staff writer 21-03-2022 | 8:59 AM

COLOMBO (News 1st) – නැවත දැනුම් දෙනතුරු ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් කළේ, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසය.